සෞභාග්‍යයේ මංපෙත් විප්ලවයේ ඇතුගල පිවිසුම අද ජනතා අයිතියට

Share Button

සෞභාග්‍යයේ මංපෙත් විප්ලවයේ ඇතුගල් පිවිසුම හෙවත් මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට පත් කෙරේ. මීිරිගම සිට කුරුණැගල දක්වා කිලෝමිටර් 40 කට වැඩි දුරක් මීට අයත්ය. මංතීරු හතරකි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සංඛ්‍යාව 05 කි. මිරීගම,නාකලගමුව,දම්බොක්ක,කුරුණැගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම මධ්‍යස්ථාන පිහිටා තිබේ. මෙය ඉදිකිරීමට දායකත්වයදී ඇත්තේ දේශිය කොන්ත්‍රාත් සමාගම්වීම විශේෂත්වයකි. වැයකර ඇති මුදල රුපියල් බිලියන 149 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00 ට මිරීගමදී නව මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ. පස්වරු 5.00 ට යග්ගපිටියේදී ජනහමුවක් ද පැවැත්වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්වෙයි.

රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙවැනි දැවැන්ත ව්‍යාපෘති රැසක්ම රටපුරා දැන් ක්‍රියාත්මක බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙහි ඉදිරි අදියර ද කඩිනමින් නිමා කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මහතා කීවේය. ජනතාවට මින් වරප්‍රසාද රැසක් ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *