ලබන 18 වැනිදා වනවිට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර යහපාලන රජය යටතේ 2016 වසරේදි මිලදි ගෙන ඇති බවට තොරතුරු හෙලිවෙයි

Share Button

ලබන 18 වැනිදා වනවිට රජය විදේශයට ගෙවීමට නියමිතව ඇති අමෙරිකානු ඩොලර් මිලයන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ශ්‍රි ලංකාව මිලදී ගෙන ඇත්තේ 2016 වසරේ ජූලි 18 වැනිදා බව අනාවරණ වෙයි. යහපාලන රජය සියයට 05 යි දශම 7 යි 5 කට ඒවා මිලදි ගෙන තිබෙ.් එය පොළී ගෙවන බවට සහතික වූ බැදුම්කරයක් බව අනාවරණ වී තිබෙ.් පසුගිය දශකයක කාලය තුළදි ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නිරික්ෂණය කිරිමේදි 2009 වර්ෂයේදි අමෙරිකානු ඩොලර් මිලියන 500 ක්ද. 2010 වසරේදි අමෙරිකානු ඩොලර් මිලියන 10 ක්ද. 2011 සහ 2012 වසර වලදි ඩොලර් මිලියන දහස බැගින්ද ස්වෛරී බැදුම්කර නිකුත් කර තිබෙ.් 2015 යහපාලන රජය සමයේදි එම වසරේදි ඩොලර් මිලියන 2150 ක් සහ 2016 වසරේදි ඩොලර් මිලියන 1500 ක් ලෙස ස්වෛරී බැදුම්කර නිකුත් කර ඇත. 2017 ඩොලර් මිලියන 1500 ක බැදුම්කර නිකුත් කර තිබෙ.් 2018 දීද එම ප්‍රමාණය ඩොලර් මිලියන 2500 ක් වන අතර. 2019 දී එය ඩොලර් මිලියන 4400 ක් ලෙස සටහන් වී තිබෙ.් යහපාලන රජයේ වසර පහ තුළ නිකුත් කර ඇති ස්වෛරී බැදුම්කර වල වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 12 දහස් 50 කි. ශ්‍රි ලංකා රජය නිකුත් කර ඇති ස්වෛරී බැදුම්කර මෙරට විදේශ සංචිත වර්ධනයට ඉවහල් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *