මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත වීමත් සමග අධිවේගී මාර්ග ජාලය කිලෝමීටර් 312 ක් දක්වා පුඵල් වෙයි

Share Button

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පැවරේ. මෙම මාර්ග කොටස කිලෝමීටර් 41 කින් සමන්විතයි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ක් ඊට අයත්ය. මීරිගම . නාකලගමුව ,දම්බොක්ක . කුරුණෑගල හා යග්ගපිටිය යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකර ඇත. පාරිසරික සහ සමාජයීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා එම මාර්ග කොටස ඉදිකර තිබේ. මංතීරු 4 කින් සමන්විත මීරිගම-කුරුණෑගල කොටස දැනට ශ්‍රීී ලංකාවේ අලංකාරතම අධිවේගී මාර්ග කොටස ලෙස සැලකෙයි. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 150 ක් පමණ වෙයි. දේශීය බැංකු 4 ක් මේ සදහා මුල්‍ය දායකත්වය ලබාදී ඇත. වසර 4ක කාලයක් මාර්ගය ඉදිකිරීමට ගතවී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40 යි දශම 9 කින් සමන්විත කොටස අද විවෘත කිරිමත් සමඟ මෙරට අධිවේගී මාර්ග ජාලය කිලෝමීටර් 312 ක් දක්වා වර්ධනය වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ සමගම මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග ජාලය කිලෝමීටර් 12 දහස් 225 සිට 12 දහස් 496 ක් දක්වා ඉහළ යන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී.එස්. විරකෝන් මහතා පවසයි .

මේ අතර මිරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරිම පිළීබඳව කුරුණෑගල දිස්ත්‍රික් ජනතා නියෝජිතයෙකු ලෙස තමන් සතුටට පත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *