ඉන්දියා – ශ්‍රි ලංකා සමිප ආර්ථික සබදතා පවත්වා ගැනිම සම්බන්ධයෙන් තවත් හමුවක්

Share Button

සමීප මිතුරන් සහ සමුද්‍රිය අසල්වැසියන් වශයෙන් ඉන්දියාව සහ ශ්‍රි ලංකාව දෙරටටම සමීප ආර්ථික අන්තර් සම්බන්ධතා මගින් ප්‍රතිලාභ අත්කරගත යුතු බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර් එස් ජයශංකර් මහතා ප්‍රකාශ කරයි. ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති සාකච්ඡාවකදි ජයශංකර් මහතා මේ බව සදහන් කර තිබේ. මෙරටට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිලදි ගැනිම සදහා ණය පහසුකම් ලබාදිමේ හැකියාව පිලිබදව ද මෙහිදි කරුණු සාකච්ඡා කර තිබේ. මානුෂිය පියවරක් ලෙස ශ්‍රි ලංකාවේ දි අත්අඩංගුවට ගැණුනු ඉන්දිය ධිවරයින් කඩිනමින් නිදහස් කරන ලෙසට ජයශංකර් මහතා ඉල්ලිමක් කර ඇත. සාක් මුදල් හුවමාරු විධිවිධාන පිලිබදවත් මෙහිදි අවධානය යොමු කර තිබේ. ඉන්දිය ආයෝජන දිරිගැන්විමට සුදුසු පරිසරයක් සකස් කරන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.. මෙරට බලශක්ති සුරක්ෂිතතාව ඉහල නැංවීම සම්බන්ධයෙන් ද දෙරටේ අමාත්‍යවරු අදහස් හුවමාරු කරගත් බවද වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *