ඔමික්‍රෝන් මෙරට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විමේ ලක්ෂණ – එන්නත්කරණයට වහා පිවිසෙන්නැයි ඉල්ලීමක්.
දැනට සොයාගෙන ඇති දත්ත අනුව බොහෝ ප්‍රදේශවල ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයන් සිටිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. අහඹු ලෙස පරීක්ෂා කළ සාම්පල 182 ක් අතරින් 162 දෙකකම ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවී ඇත. සෞඛ්‍ය ආරක්ෂක පිළීවෙත් අනුගමනය කිරීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකිවෙයි. එන්නත්කරණයද අත්‍යවශ්‍යය. ලෝකයෙ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටද ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. බහුතරයක්. කොළඹ. ගාල්ල. මාතර. ගම්පහ. මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.