අබුඩාබි ප්‍රහාරය සම්බන්ධයෙන් යේමනයේ ත්‍රස්ත කැරලිකරුවන්ගේ ඉලක්කවලට ප්‍රහාර

Share Button

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකීම යේමනයේ හවුති කැරලිකරුවන් භාර ගැනීමෙන් පසු සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය යේමනයේ අගනුවර වන සානා වෙත ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කර ඇත. එක් ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මියගොස් ඇති බව එරට අල්මසීරා රූපවාහිනි නාලිකාව වාර්තා කර තිබේ. කැරලිකරුවන් සෞදි අරාබිය දෙසට දියත් කළ ඩ්‍රෝන යානා 8 ක් ඒකාබද්ධ හමුදා අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. අබුඩාබි හිදි සිදුවු ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රිී ලංකා රජය හෙලාදකින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ල වන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛන්ඩව සුපරික්ෂාකාරී වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය අවධාරණය කර සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.