තම රට දරුණුතම ඛේදවාචකයකට මුහුණ දුන් බව ටොංගා රාජ්‍යය පවසයි.
තම රට දරුණුතම ඛේදවාචකයකට මුහුණ දුන් බව ටොංගා රාජ්‍යය පවසයි. මුහුදු පත්ලේ ගිනිකන්දක් සක්‍රිය විම හේතුවෙන් රට තුළට මුහුද ගොඩ ගලා ඒමෙන් පසු එරට රජය පළමු වරට නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සදහන් කර තිබේ. ළගාවිය හැකි ප්‍රදේශ වලට සහන කටයුතු සදහා කණ්ඩායම් යවා ඇතැයිද රජය පවසයි.
එක් ප්‍රදේශයක තිබු නිවාස සියල්ලම විනාශ වී ඇති අතර තවත් ප්‍රදේශයක ඉතිරිව ඇත්තේ නිවාස දෙකක් පමණි. මරණ 04 ක් එක්සත් ජාතින්ගේ සංවිධානය තහවුරු කර තිබේ. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ද ඒ අතර වෙයි.
ටොංගා ප්‍රධාන ගුවන් තොටුපලේ ධාවන පථය මුලුමනින්ම අඵ වලින් වැසි යාම හේතුවෙන් ආධාර රැගත් ගුවන් යානා වලට එහි ළගාවිමට බාධා පැමිණ තිබෙ. එම අඵ ඉවත් කිරිම මේ වනවිට සිදු වෙයි.