බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

අපනයනය සදහා අගය එකතු කිරිමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට ලංකා ඛණිජවැලි සංස්ථාවෙන් වැඩපිළීවෙලක්

Share Button

ලංකා ඛණිජවැලි සංස්ථාව දැනට සිදුකරන අපනයන සදහා අගය එකතු කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ඇතැය ිඑහි සාමාන්‍යාධිකාරී උදය ද සිල්වා මහතා පවසයි. අගය එකතු කිරීමේ ක්‍රියාවලියේදී පුල්මුඩේ යන්ත්‍රාගාරයෙන් වාර්ෂිකව ලැබෙන මෙට්‍රික්ටොන් 60 දහසක ඉල්මනයිට් ප්‍රමාණවත් නොවෙයි. මේ වසර අවසන් වනවිට මෙම ආයතනයේ ඉල්මනයිට් නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 75 දහස දක්වා වැඩිකිරීම ඉලක්කයයි. ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර මේ වනවිට ඇනවුම් කර ඇත. ඒවා ලබන මාර්තු මාසය වනවිට මෙරටට ලැබීමට නියමිතයි. අගය එකතු කිරීමේදී අවම වශයෙන් වාර්ෂිකව ඉල්මනයිට් මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ 75 දහසක් අවශ්‍ය වෙයි. ඊට විසදුම් ලෙස කෝකිලායි ප්‍රදේශයේ පිහිටි නිධියෙහි කැණීම් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය සහිතව සිදුකිරීමට අපේක්ෂා කරන බව හෙතෙම කියයි. ඒ සදහා කෝකිලායි ප්‍රදේශයේද යන්ත්‍රාගායක් ඉදිකරනු ලැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...