ලබන අගහරුවාදා දක්වා විදුලි කප්පාදුවක් සිදුනොවන බව විෂයභාර ඇමති පවසයි

Share Button

ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් සහ ඉන්ධන තොග ලැබී ඇති බැවින් ලබන අගහරුවාදා දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා පවසයි .නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ දෝෂය එදින වනවිට යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇත. එබැවින් ඉදිරියේදී විදුලි කප්පාදුව වළක්වා ගතහැකි වනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි. කැළණිතිස්ස බලාගාරය, සපුගස්කන්ද විදුලි බලාගාරය සහ කොළඹ වරායේ බාර්ජ් සවිකර ඇති බලාගාරය මේ වනවිට සක්‍රියව ක්‍රියාත්මක කෙරේ,එබැවින් උපරිම පැයවලදී අවශ්‍ය අතිරේක මෙගාවොට් 200 ක විදුලිය ජනනය කළහැකි බව හෙතෙම පවසයි. මේ අතර හිග විදුලි බිල්පත් පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...