ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරව්මට සියලු පාර්ශව එක්විය යුතු බව මහ සංඝ රත්නය අවධාරණය කරති

Share Button

දුරදර්ශි සහ ප්‍රායෝගික දැනුමක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශව සතු වගකීමක් බව මහ සංඝරත්නය අවධාරණය කරති. ඉවසීමෙන් සහ සැලසුම් සහගතව ගත් තීරණවල ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. බෞද්ධ උපදේශක සභාව 12 වැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්විය. එහිදී මේ බව ප්‍රකාශ කෙරිණ. කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභීයෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය මෙහිදී ඇගයීමට ලක්විය. රට ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටින එකම නායකයා ලෙස රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි තැබු විශ්වාසය කඩවී නොමැත. කුරගල පුදබිම. මුහුදුමහා විහාරය ඇතුලු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැක ගනිමින් ඒවා දැයට උරුම කරදීමට ජනාධිපතිතුමා පසුගිය දෙවසර තුළ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කළයුතු බව මහ සංඝරත්නය පෙන්වා දෙති. එමෙන්ම රටේ ජනතාව මුහුණදෙන ගැටඵ පිළිබඳව සැබෑ තොරතුරු ඉදිරිපත් කර විසදුම් සෙවීමට එතුමාට සහායවීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. අණපනත්. කථිකා. සම්මත කරගැනීමට මහ සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සදහන් කළේය. විනාශයට යමින් තිබු සිංහල බෞද්ධ උරුමය කොවිඩ් හමුවේ වුවද රැක ගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂා ඉටුකලාක් මෙන් එම ඵෙතිහාසික ස්ථාන සංවර්ධනය සදහා ඉදිරියටත් කැපවන බව එතුමා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...