විභාග සහතික පත්‍ර නිකුත් කිරිමේ එක්දින සේවාව අත්හිටුවේ

Share Button

විභාග සහතික පත්‍ර නිකුත් කිරිමේ එක්දින සේවාව ලබන සදුදා සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි. දෙපාර්තමේන්තුව සපයන සේවා ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩුඊනෙක්ස් ඩොට් එල්කේ වෙබ් අඩවියේ ඇතුලත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා පැවසිය. සහතික ලබාගැනිමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සිය අයදුම්පත් මාර්ගගත ක්‍රමයට විද්‍යුත් තැපෑලෙන් හෝ ඩුඊ නිල ජංගම යෙදුම ඔස්සේ ඉදිරිපත් කල යුතුය. අවශ්‍යතාව අනුව අදාල සහතික විදේශ කටයුතු අමාත්‍යංශයට අයදුම්කරුගේ ලිපිනයට ස්පීඩ් තැපෑල මගින් යවනු ලැබේ. දෙපාර්තමේන්තුවට ඇතුලුවන පුද්ගල සංඛ්‍යාව සීමා කිරිමට සහ කාර්ය මණ්ඩලය අතර කොවිඩ් පැතිරිම වැලැක්විම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...