විදුලිය පරිභෝජනය අවම කිරිමේ වැඩපිලිවෙලක්

Share Button

විදුලි පාරිභෝජනය අවම කිරිමේ වැඩපිලිවෙලක් සදහා රජයේ අවධානය යොමුවේ. පවතින විදුලි අර්බුදයට විසදුමක් ලෙස එය ක්‍රියාවට නැංවෙයි. ඊට අදාල යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමට ද නියමිතයි. රාජ්‍ය ආයතනවල විදුලි පාරිභෝජනය අඩු කිරිම සහ වීදි ලාම්පු භාවිතය අවම කිරිමට අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. මේ අතර ඉදිරි දින 3 ක් සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග විදුලිබල මණ්ඩලයට ලැබි තිබෙ.් එම කාලය තුල විදුලිය විසන්ධි කිරිමක් සිදු නොවන බවද ඔහු කිවේය.

ඉදිරියේදි විදුලි විසන්ධි කිරිමක් සිදුවන්නේ නම් ඒ පිලිබදව ලබන සදුදා වන විට ජනතාව දැනුවත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසිය. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ විදුලි විසන්ධි කිරිමක් කරන්නේ නම් ඒ පිලිබදව මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දි නීත්‍යාණුකුල අවසරය ද ලබාගත යුතු බවයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පරිබාහිරව විකල්ප ක්‍රමවේද මගින් දැවි තෙල් ලබාගැනිම සදහා විදුලිබල මණ්ඩලය මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇති බවද ඔහු සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...