මෙරට මානව හිමිකම් තත්ත්වය පිලිබද හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ අන්තර්ගත කරුණු රජය ප්‍රතික්ෂේප කරයි

Share Button

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ 2022 ලෝක වාර්තාව නැමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිලීබඳ පරිච්ජේදය රටේ වත්මන් මානව හිමිකම් තත්වය අතිශෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා ඍනාත්මක අයුරින් නිරූපනය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාව මානව හිමිකම් ආශ්‍රීත කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායි ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. මානව හිමිකම් සුරකින්නන් වශයෙන් ඔවුන් සිදුකරන ඵලදායි කාර්යභාරයද පිළීගනි. එහෙත් මෙවැනි අභියෝගාත්මක ගෝලීය ආර්ථික සහ සමාජීය වාතාවරණයක් තුළ සිදුකරන සංවේදී කරුණු ඇතුළත් පක්‍ෂග්‍රාහී වාර්තාකරණය හේතුවෙන් රටතුළ අසමගිය පැතිරීම හා එය උග්‍ර තතත්වයට පත්වීමේ අවදානමක් පවතී. එබැවින් වගකීම් සහගත සමබර සහ අපක්‍ෂපාතී වාර්තාකරණයේ වැදගත්කම විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...