මත්කුඩු ලග තබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට
මත්කුඩු ලග තබාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලිසිය සමත්වෙයි. ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණමඩුව පොලිස් බලප්‍රදේශයට අයත් දිවුල්වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආනමඩුව පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ. එම සැකකරුද අද ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක වැලිගම. පොලිස් ස්ථානය මගින් dru අත්අඩංගුවට ගනු ලැබිණි. එම පුද්ගලයා සතුව තිබු ජීව අත්බෝම්බයක්ද හමුවී ඇත. සැකකරු ලබන මස 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කුච්චවේලී එරක්කණ්ඩි ප්‍රදේශයේ කලපුවක දීයනෑමට ගිය පිරිසක් අතර සිටි වයස අවුරුදු 10 ක දැරියක් ඊයේ දියේ ගිලිී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. සෙසු පිරිස ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ත්‍රිකුණාමලය රෝහල වෙත යොමුකරනු ලැබ තිබේ. මේ අතර අද උදෑසන පොල්ගහවෙල රත්මල්ගොඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇත. තුවාල ලැබු පිරිස කුරුණැගල රෝහලට ඇතුළත් කර තිබේ.