ඩෙංගු මර්දනයට ඩ්‍රෝන මෙහෙයුම්
මේ වන විට ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තවී පවතින නිසා ජනතාව ඒ පිලිබද දැඩි අවධානය යොමු කල යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ඩෙංගු මඳුරුවන් බෝ වන ස්ථාන හදුනාගැනිම සදහා බස්නාහිර පලාත තුල මේ වනවිට ඩ්‍රෝන මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් හොරණ නගරය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක විය. මෙහිදි ඩෙංගු මඳුරුවන් බෝවිය හැකි ස්ථාන රැසක් හදුනාගත් අතර එම ස්ථාන හිමිකරුවන්ට අවවාද කිරිම ද සිදුවිය.
කොළඹ, ගම්පහ, කඵතර, කුරුණැගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හදුනා ගැනේ. එම දිස්ත්‍රික්කවලින් ජනවාරි මාසයේදී වාර්තා වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හත්දහසක් පමණ වෙයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි . ගම්පහ, කඵතර සහ කුරුණැගලින් ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබේ .