අනවසර ධිවර කර්මාන්තයේ යෙදුනු ඉන්දිය යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධිවර කර්මාන්තයේ යෙදුනු ඉන්දිය ට්‍රොලර් යාත්‍රා තුනක් සමග ඉන්දිය ධිවරයෝ 11 දෙනෙක් නාවික හමුදා භාරයට ගැනෙති. යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී එම යාත්‍රා ඊයේ නාවික හමුදා භාරයට ගැනිනි. මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින් මුහුදු සීමා උල්ලංගනය කරන ඉන්දිය යාත්‍රා නාවික හමුදා භාරයට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.