බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සෞඛ්‍ය වෘත්තිය සමිතිවල සාධාරණ ඉල්ලීම්වලට විසදුම් දීමට සෞඛ්‍ය ඇමතිවරයා සුදානම්

Share Button

සෞඛ්‍ය වෘත්තිය සමිති ඉදිරිපත් කළ කරුණුවල සාධාරණත්වය සලකා බලා දිය හැකි විසදුම් දෙන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති ඇතැම් ඉල්ලීම්වලට කඩිනම් විසදුම් දිය හැකිය. වෘත්තිය සමිති සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳව එකගතවයට පැමිණි බව ඇමතිවරයා කියයි. වෘත්තිය සමිති ඉදිරිපත් කරන ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති දෙකක පමණ කාලයක් අවශ්‍යය. ඇතැම් කරුණු ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම වැදගත්ය. එහෙත්, රටේ පවතින තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ ඇතැම් ඉල්ලීම් ඉටුකිරීමට අපහසු බව ඇමතිවරයා පෙන්වා දෙයි.

 

විශේෂයෙන් විවිධ ක්‍ෂේත්‍ර සදහා නව තනතුරු ඇති කිරීම වැනි කටයුතු මේ වසරේදී සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. සෞඛ්‍ය සේවාවේ වැටුප් හා අනෙකුත් දීමනා සදහා විශාල මුදලක් වැය වෙයි. අනෙකුත් සේවාවලට සාපේක්ෂව එය ඉහල වැය කිරීමකි. සෞඛ්‍ය සේවාවේ ඒ ඒ සේවාවල ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ප්‍රමුඛ සැලැස්මක් වෙනුවෙන් ක්‍ෂේත්‍ර ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී යෝජනා කෙරුනු අතර ඒ සදහා ද වෘත්තිය සමිතිවල එකගත්වය පළවිය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාල කමිටුව පත් කෙරේ. වෘත්තිය සමිති නියෝජිතයන් ද සාමාජිකයින් ලෙස ඊට පත් කිරීමට නියමිතයි. ඒ සදහා යෝජනා ඉද්ිරිපත් කරන්නැයි ඇමතිවරයා වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.]

වැටුප් වැඩි කිරීම ඇතුඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෘත්තිය සමිති 18 ක් තුන්වන දිනටත් වැඩවර්ජනයක නිරතව සිටි. තම ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජනය අත්නොරින බව වෘත්තිය සමිති පවසයි.

මේ අතර, අද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර දැමු බව රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය කියයි. සෞඛ්‍ය ඇමතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් සාධනීය මට්ටමේ විසදුම් හා එම විසදුම්වලට යාමට මාර්ග සකස්කර ගැනීමට හැකි වු බව එම සංගමයේ සභාපති නාමල් ජයසිංහ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...