රජයේ ගමන්මග ජනතාවට පැහැදිලි කරන රැස්වීම් මාලාවක් දිීපව්‍යාප්ත මට්ටමින් – පලමුවැන්න අද අනුරාධපුරයේදී.

Share Button

රජයේ දේශපාලන හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණුකර දිවයිනපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. එම වැඩපිළිවෙල අනුරාධපුරයෙන් අද ඇරඹෙයි. අනුරාධපුරය සල්ගාදු ක්‍රිඩාංගනයේ අද පස්වරුවේ පැවැත්වෙන මංගල රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැතිඇමතිවරු රැසක් සහභාගි වෙති. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සදහා රජයගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේදී සිදු වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...