කැලෑ ගිනිතැබීම් පිළිබඳව ගුවනින් විමර්ෂණ
කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව වනසංරක්ෂණ නීතිය යටතේ හා ආපදා කළමනාකරණ පනත යටතේ දඩුවම් පැමිණවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සුදත්ත රණසිංහ මහතා කියයි. ඒ පිළිබඳව පොලිසිය හා අදාල ආයතන දැනටමත් දැනුවත් කර තිබේ. ඇතැම් පිරිස් විනෝදයට හා සතුන් දඩයම් කිරීමට මෙන්ම රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට ද ඒවාට ගිනි තබති. කැලෑ ගිනිතැබීම් පිළිබඳව ගුවනින් විමර්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.