රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ලෙස අනුමත හෙද ඉල්ලීම් ලබා දෙන්නැයි ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්
රට තුළ පවතින මුදල් තත්වය නිසිලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. හෙද විශ්ව විද්‍යාලය ඇරඹීම. දෙවන ශ්‍රේණියේ සිට පළමුවන ශ්‍රේණීයට උසස් කිරීම් පෙරදාතමින් සිදුකිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 5 ක රාජකාරියක් ලෙස පැය 30 ක් සේ සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35 දහසක දීමනාවට සමානුපාතිකව යෝජිත රුපියල් දසදහසේ දීමනාව ඇතුලු හෙද වෘත්තීය ඉල්ලීම් ගණනාවක් පිළීබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ළිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය. දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණීයට උසස් කිරීම් පෙරදාතමින් සිදුකිරීමටත් නිල ඇදුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
පවතින මුල්‍ය අර්බුදය මධ්‍යයේ සියලු ඉල්ලීම් සලකා බැලීය නොහැකි බව සියලුදෙනා අවබෝධ කරගත යුතුය. එබැවින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමත්‍යංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දුන්නේය.