රුසියානු මහ බැංකුව මහත් අසීරුතාවකට

Share Button

රුසියානු හමුදාව යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාකියුව් වෙත පැමිණෙයි. එහිදි දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇතිවිය. මේ අතර යුක්රේනයත් සමග සාකච්ඡා කිරිමට රුසියානු නියෝජිත පිරිස අද බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවරට පැමිණියහ. එහෙත් යුක්රේන ජනාධිපති ව්ලෝදිමිර් සෙලෙන්ස්කි සාකච්ඡා ප්‍රතික්ෂේප කලේය. එම නිසා නියෝජිත පිරිසක් සාකච්ඡා සදහා එක්නොකරන බව ඔහු පවසා ඇත. කෙසේ නමුත් ජනාධිපතිවරයා පැවසුවේ වෙනත් ස්ථානය සාකච්ඡා සදහා දොර විවෘත බවයි. බෙලරූස් පාලනය රුසියාවත් සමග මෙම සටනේදි සිටිනබව ඔහු කියය. සාකච්ඡා අවශ්‍ය නම් පෝලන්තයේ වෝර්සෝ ස්ලෝවැකියාවේ බ්‍රුටිස්ලාවා හංගේරියාවේ බුඩාපේසට් තුර්කියේ ස්ථාන්බුල් සහ අසර්බයිජානයේ බාකු නගරවලදි එය සිදුකලහැකි බව ඔහු යෝජනා කරයි. මේ අතර යුරෝපා සංගමයේ රටවල් කිහිපයක්ම යුක්රේනයට ආයුධ ලබාදිමට ඉදිරිපත්ව ඇත. ඒ අතර යුරෝපා සංගමයට අයත් චෙක් සමුහාණ්ඩුව. පෘතුගාලය බෙල්ජියම සහ නෙදර්ලන්තය වේ. යුධ ආධාර ලබා දීමට එකගත්වය පල කර ඇති සමස්ත රටවල් ගණන 25කි. කෙසේ වුවත් එම අවි ලැබෙන විට යුක්රේනයේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් රුසියානු ග්‍රහණයට ගනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. නේටෝ සංවිධානයද යුක්රේනයට නව ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලබාදිමට සූදානම් බව සදහන් කර ඇත. රුසියාව සම්බන්ධව තොරතුරු අනාවරණ කරන විදෙස් මාධ්‍ය පවසන්නේ රටවල් කිහිපයක් රුසියාවට සම්බාධක පැනවිමත් සමග එරට ජනතාව බැංකු වලට ගොස් විශාල වශයෙන් මුදල් ඉවත්කරගනිමින් සිටින බවයි. එනිසා රුසියානු මහ බැංකුව මහත් අසීරුතාවකට පත්ව ඇතැයි වාර්තාවේ. රුසියානු මහ බැංකුවේ වත්කම් අත්හිටුවිමට යුරෝපය අමෙරිකාව බ්‍රිතාන්‍යය සහ කැනඩාව තිරණය කලේය. එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 630 කි.
යුක්රේනය රුසියානු සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දි ඇතැයිද විදෙස් වාර්තා හෙළි කරයි. ඥාතින් ජිවතුන් අතර සිටිදසිරගත කර තිබේද තුවාල ලබා ඇත්ද යන්න මෙන්ම සටනේදි මියගොස් ඇත්නම් දේහය රැගෙන යා හැක්කේ කවදාද යන්න පිලිබවද මෙම අංකයෙන් රුසියානු හමුදාවේ ඥාතින්ට දැනගත හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...