ගම සමග පිළිසඳරෙන් පසු හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයකට පුඵල් සංවර්ධනයක්.
ගම සමග පිළිසඳරෙන් පසු හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර සියය සහ වෙලන්විට ගම්මානවල විශාල පරිවර්තනයක් සිදුවී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් ගයානි රණතුංග මහත්මිය පවසයි. ඉතා දුෂ්කරව පැවති මෙම ගම්මානවලට දැන් විදුලිය, පානීය ජල පහසුකම් ලැබී ඇත. එමෙන්ම බෙරගල මංසන්ධියේ සිට කිලෝමීටර් 30 ක් පමණ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබෙ. අලිවැට සක්‍රීය කිරීම නිසා අලි කරදර ද අවසන්ය. ගම්මිරිස් ගොවීන්ට පහසුකම් සපයා තිබේ.