තරග පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රිී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවට ක්‍රීඩාලෝලීන්ගෙන් චෝදනා.

Share Button

ශ්‍රිී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ඉන්දියාව හමුවේ තවත් දරුණු තරග මාලා පරාජයකට ලක් වුයේය. මීට පෙර ඔස්ට්‍රේලියාව හමුවේද තරග මාලාව පරාජය වු ශ්‍රිී ලංකාව මෑත කාලයේදී යම් පමණක හෝ ජයක් ලැබුවේ ඉකුත් ලෝක කුසලාන 20 යි 20 තරගාවලියේදීය. ශ්‍රිී ලංකා කණ්ඩායමේ තේරීම් මෙම පරාජයන්ට කලක සිට බලපාන බව පෙනී ගොස් තිබෙ.් එහිදී ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ ශ්‍රිී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට සහ ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයටයි. එම ආයතනය ස්වාධිීන වුවත් රට නියෝජනය කරන කණ්ඩායම මගින් යම් අපකීර්තියක් රටට දිගින් දිගටම උදා වන්නේ නම් ඒ පිළිබඳව අදාල ක්‍රීඩා බලධාරීන් මැදිහත් විය යුතු බව ක්‍රීඩාලෝලීහු පෙන්වා දෙති. කණ්ඩායම නම් කිරීමේදී සුදුස්සාටම සුදුසු තැන ලැබේදැයි ක්‍රීඩාලෝලීන් අතර සැකයක් මතුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...