රුසියා- යුක්රේන සාකච්ඡා බෙලරූස් හිදි ඇරඹෙයි

Share Button

රුසියා – යුක්රේන සාකච්ඡා බෙලරූස් දේශසීමාවේදී ඇරෙඹ්.

වහාම සටන් විරාමයකට එළඹිම සහ රුසියානු හමුදා යුක්රේන භූමියෙන් ඉවත් කර ගැනිම මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානය යොමු කෙරෙන බව යුක්රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. රුසියානු නියෝිජිත ආයතනයක් වන රියා නොවොස්ටි වාර්තා කළේ යුක්රේන නියෝජිත පිරිස හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණි බවයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡා සදහා සහභාගි වෙති. ජනාධිපති විලැඩිමීර් පුටින්ගේ ආධාරකරුවෙකු වන හිටපු සංස්කෘතික අමාත්‍ය ව්ලැඩිමීර් මෙඩින්ස්කිගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු නියෝජිත පිරිස මීට සහභාගි විම සදහා ඉකුත් සෙනසුරාදා බෙලරූස් වෙත පැමිණියහ.

රුසියාව පෙන්වා දෙන්නේ ඕනෑම ගිවිසුමකට එළඹීම සදහා යුක්රේනය නේටෝවට සම්බන්ධ නොවන බවට නිතිමය සහතිකයක් ලබාදිය යුතු බවයි . එමෙන්ම නේටෝ සාමාජික රටවල් ලබාදි ඇති යුද ටැංකි, මිසයිල නාශක හා මිනිසුන් රහිත ගුවන් යානා ඉවත් කර ගත යුතු බව ද රුසියාව ප්‍රකාශ කර ඇත.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මහතා සදහන් කළේ මෙම හමුවෙන් ප්‍රතිඵල අත්පත් කර ගැනිමට හැකි වෙතැයි තමන් සැක කරන බවයි. දෙරටේ නියෝජිතයන් අතර හමුව කිසිදු කොන්දේසියකින් තොරව පැවැත්වේ. යුක්රේන විදේශ අමාත්‍යවරයා සදහන් කළේ මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය සාමය සහ යුද්ධයේ අවසානය නම් එය සාදරයෙන් පිළිගන්නා බවයි. එසේ නොවුනහොත් කිසිවිටෙකත් රුසියාවට යටත් නොවන බව ඔහු අවධාරණය කළේය.

කියෙව් අගනගරයේ සිටින සාමාන්‍ය වැසියන්ට ඉවත් වීම සදහා ආරක්ෂිත මාර්ගයක් විවෘත බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. කියෙව් සිට කිලෝමීටර් 20 ක් නිරිතදිගින් පිහිටි වැසිල්කොව් දෙසට අධිවේගි මාර්ග ඔස්සේ ගමන් කළ හැකි බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද සදහන් කළේ හමුදාව ගොඩනැගිලි හා ස්ථාන ඉලක්ක පහර දෙන බවයි. යුක්රේන සිවිල් ජනතාව අවදානමට ලක් නොවන බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අතර යුක්රේන ආක්‍රමණයේදි රුසියානු හමුදා භටයින්ට තුවාල සිදු වි ඇතැයි රුසියානු ආරක්ෂක අංශ සදහන් කරයි. තවත් පිරිසක් මිය යන්නට ඇතැයි සැලකේ. සොල්දාදුවන් පිරිසක් යුක්රේන හමුදා ජිවග්‍රහණයෙන් අල්ලා ගෙන සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක මේජර් ජනරාල් ඊගර් කොනසෙන්කොව් මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...