සංචාරකයන් අපහසුතාවට පත්කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නිති ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක්.

Share Button

මෙරටට පැමිණ සිටින සංචාරකයන් අපහසුතාවට පත්කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ . පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇමතිවරයා ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවිම් වලට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙසයි. දිවයිනට පැමිණි සංචාරකයන්ට සිදු වු විවිධ අතවර හා පීඩා කිරිමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ මාධ්‍ය වාර්තා පසුගියදා පළ විය . කොරෝනා වසංගතයෙන් පසු සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙමින් ඇති වකවානුවක මෙවැනි සිදු විම් ඊට බාධා විය හැකි බව ඇමතිවරයා පෙන්වා දෙයි .
මේ අතර මේ වසරේ පෙබරවාරි මාසයේ ගෙවීගිය දින 27 තුළදී ශ්‍රි ලංකාවට සංචාරකයන් 93 දහසකට වැඩි පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසය.ි මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඊයේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 76 දහසකට ආසන්න වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...