ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ හා යාපනයේදී

Share Button

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ හා යාපනය ප්‍රදේශවල ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි. අපි වවලයි අපි කන්නේ වැඩපිළිවෙල යටතේ කෘෂිකාර්මික වගා කලාප ඒ ඒ ප්‍රදේශවල වගා කෙරෙන බෝග වර්ග හදුනා ගනිමින් ක්‍රියාත්මක කිරීම සිදුවෙයි. ඒ අනුව කෘෂිකාර්මික වගා කලාප ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ ඇරඹෙන ප්‍රථම වගා කලාපය වන්නේ මෙම අඹ වගා සංවර්ධන කලාපයයි. කෘෂිකර්ම අමාත්‍යංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කෙරෙන අතර ඒ යටතේ ටොම් ඇන්ඩ් ජේ සී ප්‍රභේදයට අයත් අඹ පැල ලක්ෂයක් වගා කෙරේ. දඹුල්ල හා යාපනයේ ස්ථාපිත කෙරෙන අඹ වගා සංවර්ධන කලාපය ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා ආරම්භ කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...