සැලසුම් කර ඇති සෞඛ්‍ය සේවා වැඩවර්ජනයට සහය නොදෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමය කියයි
අදත් හෙටත් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති සෞඛ්‍ය සේවා වැඩවර්ජනයට සහය නොදෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමය කියයි.
වැටුප් ගැටලු ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරේ. පසුගිය මස 7 වැනිදා සිට දින 9 ක කාලයක් හෙද පරිපුරක අතුරු වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අඛණ්ඩ වර්ජනයක නිරත විය. තම ඉල්ලිම් සදහා මෙතෙක් නිසි විසදුම් ලැබි නොමැති බැවින් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලැඹෙන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය සදහන් කරයි.
කෙසේ වෙතත් සියලුම ළමා, මාතෘ, පිළිකා සහ වකුගඩු රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවේ.