කොරෝනා ව්‍යාප්තියෙන් විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතුවලට වලට බාධා

Share Button

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට ගැටලුකාරී තත්ත්වයක් මතු කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. දැනට දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන්නේ සියයට 50 ක ධාරිතාවකින් යුක්තවය. නේවාසිකාගාර සිසුන් අතර කොරෝනා ව්‍යප්තියේ සිග්‍ර වර්ධනයක් පවතින බව විශ්ව විද්‍යාල බලධාරීන් දැනුම් දී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. නේවාසිකාගාරවල සහ විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිසුන් නියමිත සෞඛ්‍ය නීතිරීති අනුගමනය නොකිරීම ඊට හේතුවී තිබේ. මේ නිසා විශ්ව විද්‍යාලවල ඇතැම් පීඨ යළි වසා දැමීමටද සිදුව තිබේ. එබැවින් පුර්ණ එන්නත්කරණයට යොමුවී විශ්ව විද්‍යාල තුළ කොරෝනා ව්‍යාප්තියේ පාලනයට දායකවන ලෙස සභාපතිවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...