ඇමති මණ්ඩල සංශෝධනයක්

Share Button

ඇමති මණ්ඩලයේ සංශෝධනයක් සිදු කෙරේ. ඒ අනුව බලශක්ති ඇමති ධුරයට ගාමිණි ලොකුගේ මහතාද විදුලිබල ඇමති ධුරයට පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ද පත් කර තිබේ. එස් බි දිසානායක මහතා කර්මාන්ත ඇමතිවරයායි. ඔව්හු ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඊයේ පස්වරුවේ දිවුරුම් දුන්හ. විමල් විරවංශ මහතා සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරු ඇමති ධුර වලින් ඉවත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සංශෝධනය සිදු කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.