බෙලරූස්හී සිටින සිසුන්ට මෙරටට පැමිණීමට විශේෂ පහසුකම්

Share Button

මේ වන විට බෙලරූස් රාජ්‍යයේ ශ්‍රි ලාංකික සිසුහු 1600 කට ආසන්න පිරිසක් උසස් අධ්‍යාපනය ලබති. ඔවුන් සිටින සියලුම විශ්ව විද්‍යාල සමග රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමිප සබදතා පවත්වයි. ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අදාල විශ්ව විද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ දෙමාපිය කණ්ඩායම් සමග ද සාකච්ඡා පවත්වා තිබෙ.් එහිදි ඇතිවු එකගතා පරිදි මෙරටට තාවකාලිකව පැමිණිමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රි ලංකාවට පැමිණිමට පහසුකම් සලසා දිය හැක. එම සිසුන්ට හදිසි පදනමක් මත සංක්‍රමණ විසා නිකුත් කිරිමට ක්‍රියා කෙරේ. එසේ පැමිණිමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස විදේශ අමාත්‍යංශය උපදෙස් දෙයි. ඒ සදහා 79 80 14 45 726 දුරකතන අංකය හෝ එස්එල්ඊඑම්බි ඩොට් මොස්කව් ඇට් එම්එෆ්ඒ ඩොට් ජිඕවි ඩොට් එල්කේ මගින් තොරතුරු විමසිය හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...