මානවහිමිකම් ආරක්ෂා කරගැනිමට රජය යම් සාධනීය පියවර ගෙන ඇතැයි ජගත් මානවහිමිකම් කොමසාරිස් කියයි

Share Button

මානවහිමිකම් ආරක්ෂා කිරීමට රජය යම් යම් පියවර ගෙන ඇතැයි හඳුනාගෙන තිබෙන බව ජගත් මානවහිමිකම් කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය පවසයි.එවැනි පියවර සඳහා ශ්‍රි ලංකා රජය වැඩි වශයෙන් සම්බන්ධ වීමේ මෑත කාලීන සලකුණු කිහිපයක් දක්නට ලැබේ.ජිනීවාහී පැවති මානවහිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදි ශ්‍රි ලංකාව පිළිබඳ යාවත්කාලීන හා අන්තර් ක්‍රියාකාරි සංවාදය අතරතුර ඇය ඊයේ මේ බව කීවාය. වින්දිතයන්ගේ හා අතුරුදන්වුවන්ගේ පවුල්වල අයිතිවාසිකම් පිළිගෙන එම වින්දිතයන්ගේ වත්මන් තත්ත්වය කඩිනමින් තීරණය කරන ලෙසත් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා වන්දි ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමටත්, එම පනත යටතේ රැදවියන් කිහිපදෙනෙකු නිදහස් කිරීමටත් ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ඇයගේ ප්‍රසාදය පලවුනි.අතිත උල්ලංගනයන් නැවත ඇතිවිම වැලැක්වීමට තීරණාත්මකව අවශ්‍ය වන ගැඹුරු නීතිමය ආයතනික හා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදුකිරීමට රජය දිරිමත් විය යුතුය.එහෙත් පසුගිය වසර තුල වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් පසුබෑම් දක්නට ලැබුන බව ඇය කියයි.සියලුදෙනාගේ මානවහිමිකම් වෙනුවෙන් රජය පෙනී සිටිය යුතුය.වගවීම හා ප්‍රතිසන්ධානය සඳහා වන විශ්වාසනීය මාර්ග සිතියමක් රජය තවදුරටත් ඉදිරිපත්කර නොමැති බව ඇය පෙන්වා දෙයි. 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ගොදුරුවුවන් පිළිබඳව සහ හානිවු අයට වන්දි ගෙවීම එම ප්‍රහාරවල ස්වරූපය සහ ආරක්ෂක අංශවල කාර්යය භාරය පිළිබඳව ඇය සම්පුර්ණ වාර්තාවක් රජයෙන් ඉල්ලා සිටියාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...