මිරිජ්ජවිල සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කිරිම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
හම්බන්තොට මිරිජ්ජවිල සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කිරිම හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. කර්මාන්ත ශාලාව ඉදිකිරිමෙන් පසු වාර්ෂිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන දෙකයි දශම අටක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිතය. මෙරට වාර්ෂික සිමෙන්ති අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 4 කි. ඉදිරියේදි රටේ සිමෙන්ති හිගයක් ඇති නොවන වාතාවරණයක් සැලසිමට මෙම කර්මාන්ත ශාලාව රුකුලක් වනු ඇතැයි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පෙන්වා දෙයි.