මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ ප්‍රධානම යුතුකම 30 වසරක යුද්ධය අවසන් කිරීම බව අගමැති කියයි

Share Button

30 වසරක් පැවැති යුද්ධය අවසන් කිරීම මෙරට කාන්තාවන් සදහා කළ හැකිවු ප්‍රධානම යුතුකම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. කොළඹ අද පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමාගේ ධුර කාලය තුළදී කාන්තාවන් වෙනුවෙන් එම යුතුකම ඉටුකිරීමට හැකිවීම පිළීබඳව තමන් සතුටුවන බවයි. පාස්කු ප්‍රහාරයත් සමග එවැනි බියක් රටතුළ නැවත ඇතිවුවද එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස ජාතික ආරක්‍ෂාව තහවුරු කර ඇතැයිද ඔහු සදහන් කළේය.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයිනපුරා උත්සව රැසක් සංවිධාන කර ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය සංවිධාන කළ කාන්තා දින සැමරුම් උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණේ සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.