මැලේරියා රෝගය රටතුල පැතිරීමේ අවදානමක්
මැලේරියා රෝගය රට තුල පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. විදේශවල සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් හා සංචාරකයන් මගින් රෝගය බෝවීමේ වැඩි හැකියාවක් පවතී. වාර්ෂිකව එවැනි රෝගීන් තිස්දෙනෙකු පමණ හඳුනා ගන්නා බව මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. ශ්‍රි ලංකාව මැලේරියා වසංගතයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කල ද රට තුල මැලේරියා වාහකයින් සිටිය හැකි බව ද එම ව්‍යාපාරය දැනුම් දෙයි. එබැවින් නොමිලේ ලබාදෙන මැලේරියා ඖෂධ කලින් ලබාගන්නා ලෙස විදේශ ගතවන ලෙස ද ඉල්ලීමක් කෙරේ. මැලේරියාව ව්‍යාප්තවීම වැලැක්විම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි.