මින් ඉදිරියට හිතවත් රටවලට පමණක් ආධාර කිරීමට ඇමරිකාව තීරණය කරයි
ඇමරිකා එක්සත් ජනපදය මින් ඉදිරියට ආධාර කරන්නේ ඇමරිකාවට හිතවත් සහ ඇමරිකාවට ගරු කරන රටවලට පමණක් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ආධාර ලබා දීමේදී ආධාර ලබන රටවල් හා ඇමරිකාවේ අවශ්‍යතාවලට ගැලපෙනවාද යන්න විමසා බලන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඔහු කියා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් සඳහා යන වියදම්වලින් මින් ඉදිරියට ඇමරිකාව ආවරණය කරන්නේ සියයට 25 ක් පමණක් බවද ට්‍රම්ප් මෙහිදී පැවසීය. මීට පෙර එම වියදම් සඳහා ඇමරිකානු දායකත්වය සියයට 28 යි දශම 5 ක් විය.