හිටපු පාර්මේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකුට ශෝකය පල කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට
හිටපු පාර්මේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකුට ශෝකය පල කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැණිනි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බැටී විරකෝන්. ජස්ටින් ගලප්පත්ති. එස්. එම්. සෙල්වසාමී යන මහත්වරුන් සහ තංගේෂ්වරී කදිරාමන් මහත්මිය වෙනුවෙන් එම ශෝක යෝජනා ඉදිරිපත් කර තිබිණි. ශෝක යෝජනා ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ශීෂ්‍යනගේ සිට වාමාංශික දේශපාලනයේ නිරත වු බැටී වීරකෝන් මහතා කම්කරු හා දේශපාලන අරගලවලදී මෙන්ම පරිසරය සුරැකීමේ ව්‍යාපාරවලද සිටි බව පැවසීය. ඔහු වාමාංශික දේශපාලනයෙන් ප්‍රගතිශීලී සේවා රැසක් ඉටුකළ අයෙකු බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. ප්‍රදේශයේ වෙහෙර විහාර සහ පාසල් දියුණු කිරීම සදහා ජස්ටින් ගලප්පත්ති මහතා ක්‍රියා කළ බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයටද ඔහු විශාල මෙහෙයක් ඉටුකළේය. එම්. එස්. සෙල්වසාම් මහතා ද තැපැල් ප්‍රවාහන. කර්මාන්ත යන නියෝජ්‍ය ධුර දරමින් ඉටුකළ සේවාව අතිමහත් බවද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
තංගේෂ්වරී කදිරාමන් මහත්මිය ලේඛීකාවක් ලෙසත් මඩකලපුව දිස්ත්‍රික්කයේ හින්දු සහ ආගමික සහජීවනය සංස්කෘතික කටයුතුවලදීත් විශාල මෙහෙයක් ඉටුකළ බව අගමැතිවරයා කීවේය.
මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජස්ටින් ගලප්පත්ති මහතා ගුරුවරයෙකු ලෙස මාතර පුරවරයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කැපවීමෙන් ක්‍රියාකළ බවයි. විවිධ නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවමින් ප්‍රදේශයට අමිල මෙහෙයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකි බව ප්‍රේමදාස මහතා සදහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ මෙම සිව්දෙනා වර්තමාන යුගයට අවශ්‍ය දේශපාලනඥයන් වන බවයි. අමාත්‍යවරු. සහ මන්ත්‍රිවරු රැසක් මෙහිදී අදහස් පල කළහ.