දුම්රිය රියදුරන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවෙයි.
දුම්රිය රියදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණයට එළඹි බව සංගමයේ ලේකම් ඉන්දීක දොඩංගොඩ මහතා පවසයි. දුම්රිය ගාස්තු වැඩිකිරීම හා දුම්රියෙන් ලාභ ඉපැයීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යොජනාවලිය කෙරෙහි අවධානය යොමු නොකර දුම්රිය ගාස්තු වැඩිකිරීමට පියවර ගැනීම සහ දුම්රිය සේවකයන්ගේ අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ගෙන යන වැරදි ප්‍රචාර පිළීබඳව දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකිරීම ඇතුඵ කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සැලසුම් කර තිබුණි.