රුසියාවේ මූලික කොන්දේසි සපුරාලීමට යුක්‍රේනය පළමුවරට එකගතාව පළ කරයි

Share Button

රුසියාවේ මූලික කොන්දේසි සපුරාලීමට තමන් සූදානම් බව යුක්‍රේනය පළමු වරට සඳහන් කරයි. දෙරට අතර සාකච්ඡාවලට සහභාගිවන රුසියානු දූත පිරිසේ ප්‍රධානී ව්ලදිමීර් මෙදීන්ස්කී මේ බව අනාවරණය කරයි. 2014 දී යුක්‍රේනයේ සිදුවූ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණයෙන් පසුව මෙම කොන්දේසි වසර ගණනාවක් පුරා රුසියාව යුක්‍රේනය වෙත ඉදිරිපත් කළ බව ඔහු කියයි. එහෙත් සිදුවූයේ යුක්‍රේන භූමියෙහි රුසියානු විරෝධී බලවේගයක් ගොඩනැගීම පමණකි.

ස්තම්බුල්හි පැවති සාකච්ඡාවලදී රුසියාව සමග එකගතාවකට පැමිණීමට යුක්‍රේනය කැමැත්ත පළ කළේය. එම කරුණු ලිඛිතව යුක්‍රේනය විසින් රුසියානු පාර්ශවයට භාර දී තිබේ. නේටෝ සංවිධානයට ඇතුඑ වීම ප්‍රතික්ෂේප කිරීම යුක්‍රේනය නොබැඳී රටක් බවට පත්වීම න්‍යෂ්ඨික අවි ප්‍රතික්ෂේප කිරීම මහා පරිමාණ මිනිස් ඝාතන අවි නිපදවීමෙන් වැලකීම විදේශීය හමුදාවලට භූමියෙහි ඉඩ ලබා නොදීම රුසියාවද ඇතුලත් ඇපකාර රාජ්‍යයන්ගේ එකගතාවකින් තොරව විදේශීය හමුදා සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස නොපැවැත්වීම ආදි කරුණු එහි අඩංගු වේ.

එහෙත් ක්‍රිමියාව හා දොන්බාස් කලාපය සම්බන්ධයෙන් රුසියාවේ මූලික ස්ථාවරය වෙනස් නොවන බව මෙදීන්ස්කී අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...