මිරිහානේදී අත්අඩංගුවට ගත් පිරිසකට අධිකරණයෙන් ඇප

Share Button

මිරිහාන ප්‍රදේශයේ ඉකුත්දා රාත්‍රියේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් 21 දෙනෙකුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නේය. එක් අයෙකුට රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහැරුණි. තවත් සැකකරුවන් 6 දෙනෙකු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන්ව සදුදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි. අත්අඩංගුවට ගත් ඉතිරි විරෝධතාකරුවෝ් 26 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති. ඔවුන්ව ඉදිරියේදී මාළිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. උද්ඝෝෂකයන් කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්‍ෂක අංශය සතු වාහනවලට බරපතල හානි කලත් ආරක්‍ෂක අංශ ඉතා ඉවසිලිවන්තව අවම බලය භාවිතා කරමින් එහිදී ක්‍රියාකළ බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. සාමකාමී උද්ඝෝෂණයකට ආරක්‍ෂක අංශ බාධා නොකරනු ඇත. එහෙත් උද්ඝෝෂකයන් ජනාධිපතිතුමාගේ නිවසේ ආරක්‍ෂාවට තිබු 3 වැනි මුර කපොල්ලත් පෙරලාගෙන ඇතුඵවිීමට උත්සාහ කිරීමේදී අවම බලය යෙදීමට සිදුවිය. සිද්ධීයට අදාළව රාජ්‍ය දේපොලවලට හානිකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුකරනුයේ පොලිසිය බවද ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...