බටහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර අර්බුදයක

Share Button

බටහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර අර්බුදයකින් පීඩාවට පත්වෙයි. මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇත්තේ වසර 10 කට පසුය. ඉදිරි දිනවලදි මෙම තත්ත්වය වඩාත් උග්‍රවිය හැකි බවට අපේක්ෂා කෙරේ.

මේ වන විට එම කලාපයේ මිලියන 27 ක පමණ ජනතාව කුසගින්නෙන් පෙලෙත. ජුනි මාසය වන වට එම සංඛ්‍යාව මිලියන 38 දක්වා වැඩි විය හැකි බව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව නිකුත් කල වාර්තාවක දැක්වෙයි. වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ බුර්කිනා පාසෝ, නයිජර්, චැඩ්, මාලි සහ නයිජිරියාව යන රටවල් වෙයි.

2015 සිට 2022 දක්වා කාලය තුල පමණක් මෙම රටවල හදිසි ආහාර අවශ්‍යතාවයෙන් පෙලුනු සංඛ්‍යාව සිව් ගුණයකින් වැඩි වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...