අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් සේවා
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා හෙට සිට ලබන 15 වැනිදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුමේ සිට සෑම ප්රදේශයකටම බස් රථ යෙද වෙයි. ඊට අමතරම කඩවත, කඩුවෙල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල සිටද විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව එම කොමිෂන් සභාව සදහන් කරයි.