ප්‍රංශ ජනාධිපතිවරණය අදයි

Share Button

ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රථම වටය අද ඇරෙඹයි. ඒ සදහා ජනාධිපති එමානුවෙල් මැක්‍රම් ඇතුඵ අපේක්ෂකයෝ 12 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

ප්‍රධානම තරගය මැක්‍රම් සහ දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලුපේන් අතර පවතින බව වාර්තා වෙයි. මුල් වටයේදී කවුරුන් හෝ සියයට 50 කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා නොගතහොත් දෙවන වටයක් ද පැවැත්වෙයි. ඡන්දය පාවිච්චි කිරීමට කෝටි පහකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇත.

මේ අතර ඔස්ට්‍රෙිලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා මැයි මස 21 වැනිදා මහ මැතිවරණයක් කැදවා තිබේ. මොරිසන් මහතාගේ පාලක සභාගය වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ ආසන 76 ක් දරයි. එය බලය පවත්වා ගෙනයාමට අවශ්‍ය අවම තත්ත්වය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...