නව කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි

Share Button

නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නවක මුහුණු රැසක් කැබිනට් මණ්ඩලයට එක්වී සිටි. අද දිවුරුම්දුන් පිරිස 17 දෙනෙකි. ජනාධිපති මන්දිරයේදී දිවුරුම්දීම සිදු කෙරුනි.

01. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි.

02. ධිවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්දා

03. අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ

04. මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග

05. ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය – දිලුම් අමුණුගම

06. මහමාර්ග අමාත්‍ය – කනක හේරත්

07. කම්කරු ඇමති – විදුර වික්‍රමනායක

08. කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමති – ජානක වක්කුඹුර

09. වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන ඇමති – ෂෙහාන් සේමසිංහ

10. ජලසම්පාදන ඇමති – මොහාන් ද සිල්වා

11. වනජිවි හා වනසම්පත් සංරක්ෂණ ඇමති – විමලවීර දිසානායක

12. විදුලිබල හා බලශක්ති ඇමති – කංචන විජේසේකර

13. තරුණ හා ක්‍රිඩා ඇමති – තේනුක විදානගමගේ

14. ජනමාධ්‍ය ඇමති – ආචාර්ය නාලක ගොඩහේවා

15. සෞඛ්‍ය ඇමති – මහාචාර්ය චන්න ජයසුමන

16. පරිසර ඇමති – නසීර් අහමඩ්

17. වරාය හා නාවික ඇමති සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු දිවුරුම් දුන්හ.

ඇමති ධුරය යනු වරප්‍රසාදයක් නොව වගකිමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නව ඇමති මණ්ඩලය අමතමින් පැවසීය. තරුණ මන්ත්‍රිවරුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ක්‍රියාකර තිබේ. අවංක කාර්යක්ෂ්ම පිරිසිදු පාලනයකට කැපවන්නැයි එතුමා නව අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...