ගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරට ලගාවෙයි
ගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරට ලගාවෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මුලිකත්වයෙන් නාගරික සංවර්ධන අධීකාරිය සංවර්ධන කටයුතු සිදුකරයි. ගාල්ල .සාගර මාර්ගය අදියර දෙකක් යටතේ සංවර්ධනය කෙරේ. පළමු අදියර සාගරයට සමීප කොටුපවුර අසලින් ආරම්භ වි මහජන පොල අසලින් අවසන් වෙයි. දෙවන අදියර මහජන පොල අසලින් ආරම්භ වී ධීවර වරාය නීතිගත සංස්ථා නාවික අනුකණ්ඩය අසලින් අවසන් වෙයි. මෙම සාගර මාර්ග මංතීරුව නැරඹුම් ස්ථාන දෙකකින්ද සමන්විතයි.