ලෝක මැලේරියා දිනය අදයි

Share Button

ලෝක මැලේරියා දිනය අදට යෙදි තිබේ. මැලේරියා රෝගය ලොවපුරා මිනිස් සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් එකකි. ජාත්‍යන්තර දත්ත අනුව ලෝක ජනගහනයෙන් මිලියන 212 ක් මැලේරියාවට ගොදුරුවී තිබේ. මෙම රෝගීන්ගෙන් බහුතරය වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනි. දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් 10 ක මිලියන 1.4 ක ජනගහනයක් මැලේරියාව වැළඳීමේ අවදානමක් සහිතව ජිීවත් වෙයි.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ මැලේරියා රෝගීන්ට සහ මැලේරියා පවතින රටවල් සදහා පිටත්වන පුද්ගලයන්ට සැපයෙන ඖෂධ වසර 2024 දක්වා මෙරට සතුව පවතින බවයි. මැලේරියා පවතින රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට වසරක් තුළ උණ රෝග ලක්ෂණ ඇතිවුවහොත් නොමිලේ රුධිර පරීක්ෂණ කර ගැනීමට ඔවුන්ට අවස්ථාව පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.