විදුලිබල මණ්ඩල සහ ඛනිජතෙල් නිෂ්පාදන පනත් සංශෝධනයට පියවර

Share Button

ලංකා විදුලිබල පනත සංශෝධනය කෙරේ. ඒ සදහා නිති කෙටුම්පත් සම්පාදක සකස් කර ඇති පනත් කෙටුම්පතට නිතිපතිගේ නිශ්කාශනය ලැබී තිබෙ. එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ද නියමිතයි ,ඊට අදාලව විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. මේ අතර විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන විදේශ විනිමය හා බලශක්ති සැපයුම් ආශ්‍රිත මුල්‍ය යෝජනා ඇගයීම පිණිස කමිටුවක් පත් කෙරේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කමිටුව අමාත්‍යංශ ලේකම්වරුන් හතරදෙනෙකුගෙන් සමන්විතව පත් කෙරෙනු ඇත.
ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතද සංශා්ධනය කෙරේ. ඊට අදාල පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නිති සම්පාදකට උපදෙස් දිම සදහා අනුමැතිය හිමිව ඇත.ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තනි තනිව ආනයනය කිරිම සදහා බලපත්‍රයක් ලබාදිම යෝග්‍ය බවට හදුනාගෙන තිබෙ. ඒ අනුව ඛනිජතෙල් ආනයනය සදහා විධිමත් පරිදි හදුනාගනු ලබන පාර්ශ්ව වලට බලපත්‍ර ලබාදිමට හැකිවන පරිදි මෙම පනත සංශෝධනය කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...