ප්රංශයෙන් යුක්රේනයට යුදමය ආධාර
යුක්රේනයට යුදමය සහ මානුෂිය ආධාර සපයන බව ප්රංශයේ ජනාධිපති ඒමානුවෙල් මැක්රොන් මහතා සදහන් කරයි. යුක්රේනයේ ජනාධිපති වොලොඩ්මිර් සෙලෙන්ස්කි මහතා සමග පැවැති දුරකතන සංවාදයකදි ඔහු මේ බව පවසා තිබේ. රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන මිලේච්ඡ ප්රහාර හෙළා දකින බව ප්රංශ ජනාධිපතිවරයා සදහන් කරයි. නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්රදේශයේ සිදුවන යුද ගැටුම් මැඩපැවැත්විම සදහා එක්සත් ජනපදය ප්රංශය ඇතුලු රටවල් දිගු දුර කාලතුවක්කු ලබාදි ඇත.