ඉදිරි සතියේදී රුසියානු ජනපතිගෙන් තීරණාත්මක තීන්දුවක්

Share Button

යුක්රේන යුද්ධය ආරම්භ වු අවස්ථාවේ සිට මේ දක්වා රුසියානු යුද ටැංකි දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි මහතා පවසයි එමෙන්ම ප්‍රහාරක ගුවන් යානා 200ක්ද යුද අවි ප්‍රවාහන රථ 2500 ක්ද විනාශ කර තිබේ. ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා රුසියානු සොල්දාදුවන් 23 දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයිද යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියි. කෙසේ වුවත් මෙම සංඛ්‍යාලේඛණ රුසියාව ප්‍රතික්ෂේප කරයි. මේ අතර ලබන 09 වැනිදා රුසියාව ලෝකයටම යුද්ධය ප්‍රකාශ කිරීමේ අවදානමක් තිබෙන බව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ සදහන් කරයි. එය න්‍යෂ්ටික අවි හා නවීන උපකරණ භාවිතයෙන් සිදුකරනු ඇතැයි හදුනාගෙන තිබේ. බටහිර රටවල් දිගින් දිගටම යුක්රේනයට උපකාර කරන බැවින් රුසියානු නායකයා එවැනි තීරණයකට එළඹීමට පසුබිම සකස් වී ඇත. එමෙන්ම රුසියාව වෙත දැඩි සම්බාධක යෙදීමද ඔවුන්ගේ පීඩනය ඉහළ නංවා තිබේ. මැයි 09 වැනිදා මොස්කව් නගරයේදී රුසියාව සෑම වසරකදීම ජයග්‍රාහී දිනය සමරනු ලැබේ. එය දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සෑම වසරකදීම පැවැත්වේ. එදින ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුක්රේන ජයග්‍රහණය සහ එයට බාධා කළ රටවලට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ සුදානම ප්‍රකාශ කරනු ඇතැයි මත පලවෙයි. මෙම යුද්ධයේදී රුසියාව දැනට පාවිච්චි නොකළ නවීනතම අවිආයුධ පාවිච්චි කරනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර අමෙරිකානු ජනප්‍රිය නිලි ඇන්ජලිනා ජොලී මේ වනවිට යුක්රේනයට පැමිණ සිටියි. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වශයෙන් යුක්රේනයේ කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රියාකරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.