ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන ධාරිතාව වැඩි කෙරේ

Share Button

ග්‍රාමීය ඩිපෝ වෙත දුම්රය ඉන්ධන ප්‍රවාහන ධාරිතාව සියය දක්වා වැඩි කෙරේ. එය මෙතෙක් පැවැතියේ සියයට 40 ක ධාරිතාවයකිනි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම තිරණය ගෙන තිබේ. ප්‍රවාහන වියදම අවම කිරිම වැඩපිලිවෙලේ අරමුණවෙයි. මෙතෙක් ලියාපදිංචි නොකල පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන් සදහා බලපත්‍ර ලබාදිම හා බලපත්‍ර අලුත් කිරිමේ කටයුතු අද සිට පැය 24 පුරාම සිදුකෙරේ. ඉන්ධන පිරවුම්හල් සතු බවුසර් රථ සදහා පෙට්‍රල් බෙදා හැරිමේදි ප්‍රමුඛත්වය ලබාදිමට අපේක්ෂිතය. ඉදිරි දින 2 තුල සේවයට වාර්තා නොකරන ඉන්ධන බවුසර්වල මෙහෙයුම් බලපත්‍ර අවලංගු කෙරේ. සේවය සදහා වාර්තාකරණ බවුසර් හිමියන්ට බාධා කරන බවුසර් රථ හිමිකරුවන් සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගැනේ. බවුසර් හිමියන්ගේ ප්‍රවාහන වියදම් සදහා ස්ථාවර මිල සුත්‍රයක් සැකසිම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.