අමෙරිකානු කතානායකවරිය යුක්රේනයේ සංචාරයක
අමෙරිකානු කතානායක නැන්සි පෙලොසි ඊයේ අනපේක්ෂිත අයුරින් යුක්රේනයේ සංචාරයක නිරත වුවාය. ඇය යුක්රේනයේ ජනාධිපති ව්ලොදමිර් සෙලෙන්ස්කි සමග සාකච්ඡාවක නිරතවී ඇත. රුසියානු ආක්රමණයට එරෙහිව අමෙරිකාව ලබාදෙන ශක්තිමත් සහයෝගයට සෙලෙන්ස්කි මෙහිදි ස්තුතිය පලකොට තිබේ.
නැන්සි පෙලොසි සමග අමෙරිකානු කොංග්රසයේ තවත් සභිකයෝ් කිහිපදෙනෙක් ද මෙම සංචාරයට එක්ව සිටියහ. එම නියෝජිත පිරිස පසුව පෝලන්තය බලා පිටත්ව ගියහ.